All right resived Chanaka Gayan Wickramasinghe. Powered by Blogger.

Mechanics / යාන්ත්‍ර විද්‍යාව

0 comments

ප්‍රක්ෂිප්තවල සිට යන්ත්‍ර කොටස් දක්වා මෙන්ම අභ්‍යවකාශයානා, තාරකා විද්‍යාත්මක වස්තු (ග්‍රහලෝක, තාරකා හා චක්‍රාවාට වැනි) වැනි මහේක්ෂීය වස්තුවල චලිතය විස්තර කිරිමට යොදා ගනී. සලකන ලද වස්තූන් මහේක්ෂීය වස්තූන් වන තාක් කල් සහ වස්තූන්ගේ ප්‍රවේගය ආලෝකයේ වේගයට වඩා ඉතා කුඩා වන තාක් කල් මෙම සිද්ධාන්ත නිවැරදි ප්‍රතිපල ගෙන දේ. සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව විද්‍යාවේ හා තාක්ෂණයේ විශාලම හා පැරණිම විෂයයන්ගෙන් එකකි.
මෙය හැරුණු කොට වායු, තරල හා ඝන වස්තු වල හැසිරීම විස්තර කෙරෙන අනු කොටස් ද සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි පවතී. සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව, අධි ප්‍රවේගයෙන් ආලෝකයේ ප්‍රවේගයට ළඟා වෙමින් චලනය වන වස්තු සඳහා සත්‍ය නොවන අතර එබඳු වස්තූන්ගේ චලිතය විස්තර කිරීමට විශේෂ සාපේක්ෂතාවාදය අවශ්‍ය වේ. සාමාන්‍ය සාපේක්ෂතාවාදය, නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය සමඟ විශේෂ සාපේක්ෂතාවාදය මුසු කරමින් ගුරුත්වය යන සංකල්පය දෙස ගැඹුරින් බැලීමට භෞතික විද්‍යාඥයිනට ඉඩ සලසයි. භෞතික විද්‍යාවේදී සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාවෙහි ප්‍රධාන උපකොටස් දෙකෙන් එකක් වන අතර බලපැවැත්වෙන භෞතික නීති එකතුවක් හා වස්තු හා වස්තුවල එකතුවල චලිතය ගණිතමය වශයෙන් විස්තර කිරීමත් සමග සැලකිල්ලට ගනී. අනෙක් උපක්ෂේත්‍රය වන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවයි.
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව යන වදන සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය නිර්මාණය වීමට පෙර, ටයිකො බ්‍රා හා ගැලීලියෝගේ භූගෝලීය ප්‍රක්ෂිප්ත චලිතය මත පදනම් වූ ජොහැන්නස් කෙප්ලර්ගේ ආදී තාරකා විද්‍යාත්මක සිද්ධාන්ත මත ගොඩනැගුණු ශ්‍රීමත් අයිසැක් නිව්ටන් හා 17 වන සියවසේ බොහොමයක් සමකාලීන විද්‍යාඥයන් විසින් ආරම්භ කළ ගණිතමය භෞතික විද්‍යා පද්ධතියක් හැඳින්වීමට 20 වන සියවසේ දී නිර්මාණය විය. එබැවින් සමහරක් මූලාශ්‍ර අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේ කොටසක් ලෙස නො සලකයි. කෙසේ නමුත් නූතන මූලාශ්‍ර ගණනක අයින්ස්ටයින්ගේ යාන්ත්‍ර විද්‍යාව ඇතුළත් වන අතර ඔවුනට අනුව එය සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවේ වඩාත් දියුණු හා නිවැරදි ආකාරයයි. සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවේ වර්ධනයේ මූලික අවධිය නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව ලෙස හඳුන්වනු ලැබෙයි. නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව, නිව්ටන් විසින් ලෙයිබනිස් හා අනෙක් අය සමග සමාන්තරව හඳුන්වා දෙන ලද ගණිත ක්‍රම හා ක්‍රියාවේ යොදවන ලද භෞතික සංකල්ප සමග සම්බන්ධ වේ. වඩා වියුක්ත හා සාමාන්‍යය ක්‍රම වලට ලැග්රන්ජියානු යාන්ත්‍ර විද්‍යාව (Lagrangian mechanics) හා හැමිල්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව (Hamiltonian mechanics) ‍ඇතුළත් වේ. සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව හා නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව යන වදන් දෙකම සමාන ලෙස සලකන අතර (සාපේක්ෂතාව නොසලකා හැරේනම්) එහි අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් 18 හා 19 වන ශත වර්ෂවල නිර්මාණය විය. සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව, විශේෂයේන් විශ්ලේෂණාත්මක යාන්ත්‍ර විද්‍යාව පසු කලෙක නිව්ටන්ගේ පර්යේෂණයන්ට වඩා සැලකිය යුතු තරම් දියුණුවක් ලබා ගනු ලැබිණි.
  • Kinematics of motion
  • Vectors and their application to physical problems
  • Forces and Newton’s laws of motion
  • Friction energy and momentum conservation
  • Rotational motion
  • Conservation of angular momentum
  • Newton’s law of Universal Gravitation
  • Kepler’s laws and planetary motions

0 comments:

Post a Comment


 
කුප්පිය | © 2012 All right reserved by Chanaka Wickramasinghe.

virtual education base high level education resource community.